රොමේෂ් මධුෂංඛ
යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්නයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සහ යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු නාවික විධානයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ඩෙල්ෆ් දූපත ආසන්නයේ පිහිටි අනලතිව් දූපතේදී අදාළ අනවරසර යාත්‍රාව පරික්ෂා කර ඇති අතර එහි සඟවා තිබූ අදාළ කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් ධීවරයින් ලෙසින් වෙස්වලා උතුරේ කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් වෙතට ලබාදීමට සැලසුම් කර ඇති අතර සැකකරුවන් ඉන්දියාවේ තිරුවන්දනායි ප්‍රදේශයේ පදිංචි 28,30,31, සහ 42 යන වයස් කාණ්ඩයේ පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සිව් දෙනා වැඩිදුර පරික්ෂණ සඳහා යාපනය කන්කසන්තුරෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 50 කට අධික කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට