(සිතුම් චතුරංග)
කිලිනොච්චිය සිට අනුරාධපුර දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 25 රැගෙන යමින් සිටි පුද්ගලයකු පෙරේදා ඊයේ (9) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන්නෙකු පිළිබඳ වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ ගමන් මල්ලෙහි සඟවා තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල දෙකක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මල්ලාවි සෙල්වපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.