මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප‍්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික සැකකරුවෙකු බැංකොක් නුවර දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ‘‘ බැංකොක් පෝස්ට් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ඩබ්ලිව්.ඒ. සාලිය පෙරේරා නැමැත්තෙකි.ඔහු බැංකොක් නුවර හෝටලයක ලැගුම්ගෙන සිටියදී පෙරේදා (08) අත්අඩංගුවට පත්ව ඇත.
මෙම ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු තායි පොලිස් බලධාරීන් බැංකොක් නුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලාංකික සැකකරු ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු ලැබූ සැකකරුවෙකු බවය.
සාලිය පෙරේරා නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත දැනුම් දීමක් කර තිබූ අතර ඒ අනුව තායිලන්ත සංක‍්‍රමණික කාර්යාංශය, සංචාරක පොලීසිය සහ විශේෂ මෙහෙයුම් ඒකකය එක්වී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කළ බව තායි පොලීසිය එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
2013 වසරේ සංචාරක වීසා මත බැංකොක් නුවරට ගොස් ඇති ඔහු 2016 වසර වන තුරු සිය ගමන් බලපත‍්‍රය අලූත් කරගෙන තිබෙන අතර එහෙත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පසු ඔහු එලෙස ගමන් බලපත‍්‍රය අලූත් කිරීම නතර කර ඇති බව සැකකරුගෙන් සිදු කළ දීර්ඝ පොලිස් ප‍්‍රහ්න කිරීම් වලදී තහවුරු වී ඇතැයි බැංකොක් පෝස්ට් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.
සාලිය පෙරේරා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිය හැකි මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දී තිබු බව තායි පොලීසිය උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත සඳහන් කළා.
(125)
2025 දෙසැම්බර් මස 18
209
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බැංකොක්හිදී අත්අඩංගුවට