IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රෝහල්හි වංචා දූෂණ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස්

රෝහල්වල සිදුවන වංචා දුෂණ සහ අකටයුතුකම් සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  සෞඛ්‍ය අමාත්‍යංශයේ  විමර්ශන ඒකකයට  උපදෙස් ලබා දී  තිබේ.

වෛද්‍යවරුන්  සිදු කරන විවිධ අකටයුතුකම්, රාජකාරී වේලාවේ පෞද්ගලික වෛද්‍ය සේවා සිදු කිරිම, නොමිලේ ලබාදෙන අක්ෂි කාච, ස්ටෙන්ස් වැඩපිලිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වීම, පිළිබදව  විධිමත්ව පරීක්ෂණ පවත්වන්නැයි එහිදී උපදෙස් ලබා දී තිබේ.

මේ යටතේ  ලංකාවේ සියලුම මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් සියල්ලම විමර්ශනයට ලක් කරන ලෙස ද උපදෙස්  ලබා දී තිබේ.

එමෙන්ම එම විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීම සඳහ අමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නව අධ්‍යක්ෂවරයා ලෙස සුදත් රත්නවීර මහතා පත් කිරීමටද නියමිතය.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති නිර්නාමික හා නාමික චෝදනා පෙත්සම් විමර්ශනය කිරීමට යාමේ දී වෛද්‍ය සංගම්වලින් එල්ලවන බලපෑම් පිළිබදව ද, එවැනි බලපෑම් අනුරාධපුර මහ රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී එල්ල වූ බව විමර්ශන නිලධාරීන්  දැනුම් දී ඇති අතර  රෝහල්වල සිදුවන විවිධ වැරදි සොයා බලා පරීක්ෂණ පැවැත්වීම වෛද්‍යවරුන්ගේ පමණක් නොව සියලුම සෞඛ්‍ය සේවකයින්ගේ ද සිදු කරන බව විමර්ශන නිලධාරින්  අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

(36698) 
 



අදහස් (0)

රෝහල්හි වංචා දූෂණ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site