(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට එල්ල කළ මැර ප්‍රහාරයකට විරෝධය පා සිසුහු අද (10) මාතර නගරයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.
වැල්ලමඩම පරිශ්‍රය අසල සිට විරෝධතා පාගමනකින් පැමිණ ඔවුන් පසුව මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණය කර විරෝධතා රැස්වීමක් ද පැවැත්විණි.
මාතර නූපේ මංසන්ධිය අසලදී නාදුනන පුද්ගලයින් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වු බව කියන මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික හා සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඉසුරු මධුසංඛ යන සිසුන් දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd