IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට - අයෙක් රෝහලේ

(ශාන්ත කුමාර කුලරත්න)
 
කොට්ටාව හයිලෙවල් මාර්ගයේදී ගමන්ගත් යතුරුපැදිකරුවකුට රථයේ වේගය පාලනය කළ නොහැකිව නගර මධ්‍යෙය් ඉදිකර ඇති වටරවුම් බැම්මක ගැටී අද(26) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ මස්කෙළිය බ්‍රවුන් ලෝ වත්තේ පදිංචි කරුණෙයි නාදන් පවිටුන් නමැති 21 හැවිරිදි අලෙවි නිලධාරියෙකි.
 
ඔහු තම මිතුරකු සමඟ යතුරුපැදියෙන් අද අලුයම මහරගම සිට හෝමාගම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
 
යතුරුපැදිකරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව, රථයෙන් විසි වී වටරවුමේ සිමෙන්ති ගැට්ටක ගැටී තුවාල ලබා ඇතැයිද, අනතුරින් යතුරුපැදිකරුගේ හිසට බරපතල හානි සිදුව මිය ගොස් ඇතැයිද පොලිසිය කියයි.
 
පශ්චාද් මරණ පරීක්ෂණ කටයුතු හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.
 
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට - අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site