(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව තල්පිටිය මැද පාර රණවිරු මාවතේ සිදුවූ රිය අනතුරකින් පසු ගුටිබැට හුවමාරු කරගත් පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකාර මන්ත්‍රීවරයා වෑන් රථයක් පදවාගෙන හල්පිටිය මැද පාර රණවිරු මාවත ඔස්සේ ඉදිරියට යමින් සිටියදී ව්‍යාපාරිකයා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණෙමින් සිටියදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් පසු ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් ව්‍යාපාරිකයාගේ හිසට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පැවැසීය.
මන්ත්‍රීවරයා සහ ව්‍යාපාරිකයා හෙට (13) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd