(ක. ග. කරුණාරත්න)
බකමූණ, අත්තනකඩවල, යාය 23 ප්‍රදේශයේදී මෝටර් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස්, රථයේ රියදුරු හා කාන්තාවක තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බකමූණ දිග්ගල්පිටිය පදිංචි අලුත්ගෙදර අසේල සම්පත් අමරසූරිය යන 23 හැවිරිදි පුද්ගලයෙකි.
විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු නිවෙස බලා යමින් සිටි එකම පවුලේ 05 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.
රියදුරුට නින්දයාම හෝ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට ධාවනයවී අසළ තිබූ ගසක හැපී අනතුර සිදුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
බකමුණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ