(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත කෘෂි උද්‍යානය ඉදිරිපිටදී අද(02) යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක මිය ගිය බව හුංගම පොලීසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ පිහිටි හෙළ බොජුන්හලේ සනීපාරක්ෂක කටයුතු කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
එම කාන්තාව සිය යතුරුපැදියෙන්, මාර්ගයේ වම් පස සිට දකුණු පසට ගමන් කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුරු සිදු වී ඇති බව පොලීසිය පවසයි.
අනෙක් යතුරු පැදියේ පැමිණි අයද තුවාල ලබා රන්න ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd