( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ බාරයේ තිබු තාවකාලික රියදුරු බලපත්‍රයක් පැහැරගෙන ත්‍රිරෝද රියකින් පලා යාමට උත්සාහ කළ තරුණියක් අද (06) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට යොමු වන විදුලි සංඝා පද්ධතිය අසළ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 78966 ජයසිංහ මහතා මාර්ග සංඥා නොතකමින් යතුරු පැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතා ගෙන ඇත.
යතුරුපැදියේ ගමන් කළ තරුණියට ඇය සිදුකළ වරද පැහැදිලි කර දී රියදුරු බලපත්‍රය රැගෙන තිබේ. එම අවස්ථාවේදී එය කොස්තාපල්වරයාගෙන් උදුරාගත් එම තරුණිය මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රියක් නවත්වා පළා යෑමට උත්සාහ කරද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියදුරු බලපත්‍රය උදුරාගෙන පළාගිය තරුණිය අත්අඩංගුවට
Nuwan Wednesday, 06 March 2019 01:11 PM
ඔය වගේම සිකුරාදා දවසට හෙල්මට් නැතුව පාර පුරා සත්තු වගේ මොටසය්කල් පදින කට්ටියත් අල්ලන්නකෝ.
Wijaya Premadarshana Thursday, 07 March 2019 03:55 AM
කොහොමද කාන්තාවන් මාර්තු 8 දිනය සමරන අයුරු. මේගොල්ලන්ට දැඩි දඩුවම් දිය යුතු ය
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 07 March 2019 06:26 AM
ත්‍රිරෝද රියක් නවත්වා පලා ගියා නම් යතුරු පැදිය කොහෙද ?