IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි

(සිතුම් චතුරංග)

වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී රුපියල්  ලක්ෂ 18 ආසන්න වටිනාකමින් යුත් මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අද (09)  වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

පසුගිය 01 වැනිදා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ඇතු`ඵවී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරු හා කොල්ලකෑ මුදල් හා රන්භාණ්ඩ සොයාගෙන තිබිණ.

සැකකරු විසින් උකස් මධ්‍යස්ථානයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් හා රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන්පවුම් 12ක්ද සොරාගෙන ඇති බව පොලිසිය ස`දහන් කළේය.

පොලිසිය පැවසූයේ සැකකරු කොල්ලය සදහා දින කිහිපයක් සැළසුම් කොට ඇති අතර ඒ අනුව උකස් මධ්‍යස්ථානය වසාදමන අවස්ථාවේ සැකකරු එයට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමෙන් අනතුරුව පසුදින පිටව ගොස් ඇති බවයි.

අත්අඩංගුවටගත් සැකකරු රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානය අයත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාරික ස්ථානයක කම්කරුවකු ලෙස සේවයකරන අයකු බවද පැවසීය.
 සැකකරු පිටව යන අවස්ථාවේ ඔහු විසින් උකස් මධ්‍යස්ථානයේ සි.සි.ටි.වි පද්දතියට හානිකොට පලාගොස් ඇති බවද කීය.
 අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව සුන්දරපුරම් පදිංචි 28 හැවිරිදි අයකු වේ.  සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 
 



අදහස් (0)

රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site