IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රථවාහන වැරදි කළ රියදුරන් 16450කට නඩු

 


(ජුඩ් සමන්ත)

හලාවත පොලීසියේ රථ වාහන අංශය 2017 වර්ෂය තුළදී විවිධ රථ  වාහන වැරදි සිදු කළ රියදුරන් 16,450 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර,එම රියදුරන්ට අධිකරණය විසින් රුපියල් 1,36,57,300 ක දඩ මුදලක් නියම කර ඇත.

මෙසේ දඩ නියම වී ඇති රියදුරන් අතර මත්පැන් පානය කර රිය පැදවූ රියදුරන් 733 ක් වේ. ඔවුන්ට පමණක් අධිකරණය විසින් රුපියල් 49,25,500 ක දඩ මුදලක් නියම කර ඇත. 

බීමතින් රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගත්  රියදුරු බලපත්ර්  හිමි සියළුම රියදුරන්ගේ රියදුරු බලපත්රඅය මාස 6 ක  කාලයකට තාවකාලිකව අත්හිටුවීමටද අධිකරණය නියම කර ඇත.

ගෙවී ගිය වසර තුළ හලාවත පොලිස් බල ප්රිදේශය තුළ රිය අනතුරු 196 ක්  සිදුවී ඇත. ඉන් 21 ක් මාරක රිය අනතුරු වේ.මාරක රිය අනතුරු වලින් දේපල හානි 21 ක් සිදුවී ඇති අතර, 23 දෙනෙකු ජීවික්ෂයට පත්ව ඇත. බරපතල රිය අනතුරු 45 ක් සිදුවී ඇත.

හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත  රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එන්.සමරවීර මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම නඩු පැවරීම් සිදු කර ඇත. 



අදහස් (0)

රථවාහන වැරදි කළ රියදුරන් 16450කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site