IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර ශ්වසන රෝග සායනය අත්හිටුවයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
හෙද කාර්ය මණ්ඩල නොමැතිකමින් රත්නපුර ළය චිකිත්සාගාරයේ ශ්වසන රෝග සායන කටයුතු අද (19) අත්හිටුවා ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේය. මේ හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි රොගීන් 500කට අසන්න පිරිසකට  ප්‍රතිකාර නොගෙන නැවත නිවෙස් කරා යාමට සිදුවිය.
 
රත්නපුර දිස්ත‍්‍රික්කය සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් කොටසකත් වෙසෙන ශ්වසන රෝගීහු දිනකට 400ත් 500ත් අතර ප‍්‍රමාණයක් මෙම ශ්වසන රෝග සායනය වෙත පැමිණෙති. සතියේ වැඩකරන දින තුනක් ශ්වසන විශේෂඥ වෛද්‍ය සායනය පැවැත්වෙයි. මෙම සායනයන් සඳහා හෙදකාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු අවශ්‍ය බව එහි ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
 
මෙහි සේවය කළ එක් හෙදියක් විශ‍්‍රාම ලැබූ අතර තවත් හෙදියක් ප‍්‍රසූත නිවාඩු ලබා ඇත. සේවයේ නියුතුව සිටිය එක් හෙදියක් සියදිවි හානි කරගැනීමෙන් පසු සේවයට එක් හෙදියක් පමණක් ඉතිරිව තිබේ. ඇයද අසනීප නිවාඩු වාර්තා කිරිම නිසා ඒ වෙනුවට වැඩ ආවරණය කිරීමට හෙදියක නොමැති හෙයින් ශ්වසන රෝග සායනයේ ප‍්‍රතිකාර කටුයතු අත්හිටුවීමට සිදුවු බව  එම ප‍්‍රකාශකයා පැවසුවේය.
 
මෙම හෙද හිඟය සම්බන්‍ධයෙන් කලකට පෙර සිට සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා ඇතත් මෙතෙක් හෙදියන් නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවත්, ප‍්‍රතිකාර අත්හිටිවීමට පෙර ඒ බව සබරගමු පළාත් සෞඛ්‍ය අමත්‍යාංශය වෙත දන්වා ඇති බවත් එම ප‍්‍රකාශකයා පැවසුවේය.
 
කෙසේවුවත් මෙම සායනයන්ට අනුබද්ධව පවත්වන ක්‍ෂය රෝග සායනවල ප‍්‍රතිකාර කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා කරගෙන යනු ලබයි.

සබරගමු පළාත් සෞඛ්‍ය  අමාත්‍යාංශයයේ නිලධාරියෙක් පැවසුවේ මෙම ශ්වසන සායනයේ හෙද හිඟය පිළිබඳව එහි ප‍්‍රධානීන් කලක සිට ලිඛිතව දන්වා ඇති බවයි. එහෙත් අලුතින් හෙද හෙදියන් බඳවා ගැනීම තව මාස දෙකකින් පමණ සිදුවනු ඇති බවද, පුරප්පාඩු පිරවීමට එම හෙදියන් අතරින් පිරිස යෙදවීමට ක‍්‍රියා කරන බවද එම ප‍්‍රකාශකයා කීවේය.
 
මෙම තත්වය හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි පිරිස පැවසුවේ හෙදියන් නොමැතිකමින් පීඩා විඳින්නේ රෝගී ජනතාව බවයි.



අදහස් (0)

රත්නපුර ශ්වසන රෝග සායනය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site