විනීතා එම් ගමගේ
තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් මිස ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ අලහුඩීන් අන්සාර් මහතා පවසයි.
දිනකට ජලය ඝන මීටර් 19,800ක් මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමයට අවශ්‍ය වන අතර එය රාජාංගන ජලාශයෙන් ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇතැයි ද සභාපතිවරයා කියයි. එහෙත් මේ වනවිට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරෝධතා මතුවී ඇති බැවින් ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු ඇරඹීමට ප්‍රථම ගොවි සංවිධාන සමඟ පොදු එකඟතාවයකට පැමිණිය යුතුව ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.
දැනට පවතින තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමය මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද එකක් වන අතර එමඟින් දිනකට ජලය ඝණ මීටර් 2500 ක් නල්ලච්චි වැවෙන් ලබා ගෙන පිරිසිදු කර නිවාස 4750 කට සපයන බවත් මෙම ප්‍රදේශයේ පවතින අධික ජල ඉල්ලූම හා දැනට පවතින වකුගඩු ආශ්‍රිත රෝග වලින් දුක්විඳින ජනතාවට සහන ලබා දීම සඳහා නව ව්‍යෘපෘතිය ඉදිකිරීමට තිරණය වූ බවත් ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අදාල ප්‍රදේශයේ භූගත ජලයේ ඇති ප්‍රමාණාත්මක බව හා ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න ඇති විය හැකි බැවින් මතුපිට ජල ප්‍රභවයකින් ජලය ලබාගැනීමට ගත් තීරණය මෙසේ ආන්දෝලනයට ලක් වූ බවත් එම නිවේදනයේ දැක්වේ.
අදාල ජල සම්පාදන ක්‍රමය නිම වූ පසු විබෙදුම් පද්ධතියක් හරහා තඹුත්තේගම ග්‍රාම සේවා වසමේ කොට්ඨාශ 28 ක් ද ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 4 ක් ද තළාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 12 ක් ද ආවරණය වනසේ ජලය සැපයීමට නියමිතව ඇති බව ද එහි සඳහන් වේ.
මෙම ව්‍යාපෘතියට අමතරව රාජාංගන ගොවි ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත එප්පාවල රාජාංගන නොච්චියාගම හා ගිරිහාව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ටෙන්ඩර් පත් ද කැඳවා ඇති බවත් සියලූ ව්‍යාපෘති සඳහා දිනකට ඝන මීටර් 44000ක ජල ප්‍රමාණයක් රාජාංගන ජලාශයෙන් වෙන් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එකඟවූයේ 2015 දී බවත් සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2172
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාංගනෙන් ජලය ගන්නේ විකුණන්න නොවේලු
aka Sunday, 04 March 2018 02:05 PM
විකුනන්න නොවුනත් දැනටමත් ජලාශයෙන් වගාවන්ට ජලය නියමාකාරව නොලැබෙන බව දැන ගන්න තියනවා. එහෙම තියෙද්දි තියෙන ජලයත් වෙන දේකට යෙදවෙනවා කියන්නේ වගාවන්ට තියන ජලය තව අඩු වෙනවා කියන එක. වගාවකට වතුර අඩු උනාම සාකච්ඡා කරලා වැඩක් නෑ. ගහකට වතුර නැති වුනාම ඵලදාව අඩු වෙන එක හරි ගහ මැරෙන එක මිසක්, වෙන දෙයක් වෙන්නේ නෑ. ඒ නිසා කරන්න තියෙන්නෙ මුලින් සැලසුම් කල විදිහට මොරගහකන්දෙ ජලය ලබා ගෙන ව්‍යාපෘතිය කිරීම.