(එම්.කේ. නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයේ තුන්වන කලාපයේ ගල්ගේ වනජීවී පිවිසුම් දෙරටුව සීමාවේ සිට කිලෝමීටර් 30 ක් පමණ නැගෙනහිර දෙසට වන්නට ඉතා සරුවට වගාකර තිබූ අක්කර තුන්කාලක පමණ වපසරියකින් යුත් ගංජා හේනක් වනජීවී නිලධාරීන් දින දෙකක් තිස්සේ සිදුකළ වැටලීමක දී ගිනි තබා විනාශ කළ බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්දුජිත් මහතා පැවසීය.
අඩි හයකට වඩා උසින් යුත් මෙම ගංජා වගාව ඉතා සරුවට වැවී පැසී තිබූ බවත් තවත් සති දෙකක පමණ කාලයක් තිබුණේ නම් වෙළඳපොළට යැවීමට හැකියාව තිබූ බවත් වනජීවී නිලධාරීහු පවසති.
මෙය වෙළඳපොළට යැව්වේ නම් රුපියල් ලක්ෂ 150කට අධික වටිනා කමක් තිබිය හැකි බව වනජීවී නිලධාරීහු පවසති.
ගල්ගේ පිවිසුම් දොරටුව සීමාවේ සිට කැබිලිත්ත දේවාලය දෙසට වන්නට කිලෝමීටර් 15 ක් පමණ වාහන උපයෝගී කරගෙන ද එම සීමාවේ සිට තවත් කිලෝමීටර් 15 ක් පමණ පා ගමනින් ද මහ කන්ද නමින් හඳුන්වන සීමාවේ දැඩි දුෂ්කරතා මධයේ මෙහෙයුමේ නිරතව සිටියදී මෙම ගංජා හේන සොයා ගැනීමට හැකිවී ඇත.
වැටලීම සිදු කළ අවස්ථාවේ කිසිවෙකුත් හේනේ නොසිටි බව වනජීවී නිලධාරීහු කියයි. ගංජා රැගෙන ඒමේ මාර්ග අපහසුතාවය මත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාම්පල් කොටසක් තබාගෙන ඉතිරි සියල්ලම කපා කොටා ගිනි තබා විනාශ කළ බව වනජීවී නිලධාරීහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යාල තුන කලාපයේ ගංජා හේනක් ගිනි තබා විනාශ කරයි
Maddumage Friday, 05 March 2021 04:06 PM
අපරාධ