(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණයන් දෙදෙනෙකු රැගත් යතුරුපැදියක් ඉංගිරිය නගරයට ආසන්නයේ තුන්වෙනි පටුමග අසළදී කුඩා ලොරියක ගැටීමෙන් තරුණයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
යතුරුපැදියේ ගමන්ගත් අනෙක් තරුණයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල් ගත කර ඇත.
රිය අනතුරින් මියගොස් ඇත්තේ රත්නපුර රත්ගඟ කුඩාව පදිංචිව සිටි ගුණතුංග ෂෙහාන් රණජීව නමැති 18 හැවිරිදි තරුණයෙකි.
ලොරි රථය එක්වරම දකුණු පසට ධාවනය කිරීමට යෑමේදී යතුරුපැදිය එහි ගැටී අනතුර සිදුව ඇත.
ලොරි රථයේ රියැදුරු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd