(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල හෙට්ටියාකන්ද ප්‍රදේශයේදී මී ගවයන් හතරදෙනෙකු මරා මස් කළ සිව්දෙනෙකු අද(30) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
සැකකරුවෝ බේරුවල, මරදාන, හෙට්ටිකන්ද යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලිසිය ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මී ගවයන් මස් පිණිස මැරීම මුළුමනින්ම තහනම් බව පොලිසිය කියයි.
මස් ප‍්‍රවාහනය කිරීමට තිබූ කුඩා ලොරි රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ. ඝාතනය කිරීමට සිටි තවත් එක් මී ගවයෙකු පොලිසිය නිරුපද්‍රිතව බේරාගෙන ඇත.
සැකකරුවන් අද (30) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd