(ඩී. කේ. රත්න සහ නිශාන්ත කුමාර)
ඇල්ල බල්ලකෙටුවේදී මාලු වෙළදාමේ නියුතු පුද්ගලයකු විසින් එල්ල කළ පිහි පහරක් හේතුවෙන් පොලිස් නිලධාරියකු කැපුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි.
ඇල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටින රාජපක්ෂ නැමති පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු මෙසේ තුවාල ලබා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඇල්ල බල්ලකෙටුව නාවලගම මාර්ගය පුළුල් කිරීම සඳහා බල්ලකෙටුව නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එහි මාලු වෙළදාමේ නියුතු පුද්ගලයෙකු විසින් ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීමට කළ උත්සාහයක් වැළැක්වීමටයාමේදී මෙම නිලධාරියා තුවාල ලබා තිබේ.
මේ සම්බන්ධයෙන් බල්ලකෙටුව පදිංචි වයස අවුරුදු 38 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇල්ල පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd