අනීෂා මානගේ
මහා පරිමාණයෙන් අනවසරයෙන් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිළධාරින් විසින් වටලනු ලැබීය.
මෙම වැටලීම සූරියවැව බැදිගම්තොට ප්‍රදේශයේ දී සිදුකර තිබේ. මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීමේ නිරතව සිටි පුද්ගලයින් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැලි කැපීමට උපයෝගී කරගත් එස්කැවේටර් යන්ත්‍ර හතරක් පොලිස් බාරයට ගෙන තිබේ. මෙම එස්කැවේටර් යන්ත්‍ර දෙකකට කිසිදු බලපත්‍රයක් නොමැති බව නිළධාරිහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බරවකුඹුක, සෙවණගල, හුංගම හා බැදිගම්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
වැලි ගොඩදැමීම සඳහා ලබාදුන් වෙනත් බලපත්‍රයක් උපයෝගී කරගෙන නිළධාරීන් නොමඟ යවමින් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා එස්කැවේටර් යන්ත්‍ර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.
ගොඩ දමා ඇති වැලි තොගය සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරින්ගේ ආරක්ෂාව ද යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහා පරිමාණයෙන් සිදු කළ වැලි ජාවාරමක් වටලයි