IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහවැලි සී කලාපයට කිලෝමීටර් 21.5 ක අලිවැටක්

(විජේරත්න රත්නායක)

මහවැලි සී කලාපය ඇතුළු ප්‍රදේශ රැසක පවතින වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මහවැලි සී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර් 21.5 ක දිගින් යුතු අලිවැටක් ඉදිකිරීමට සැළසුම් කොට තිබේ.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (29) ඌව පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති අතර විදුලි වැට සඳහා වෙන්කෙරෙන සීමාවන් සම්බන්ධයෙන් පවතින ඉඩම් ගැටළු නිරාකරණය කරගැනීම එහි මූලික අරමුණ විය.

උල්හිටිය ඔය ආශ්‍රිතව රත්කිඳ සිට දෙමෝදර දක්වා ඉදිකිරිමට යෝජිත අදාළ විදුලි වැට උල්හිටිය ඔයේ සිට දෙපසට මීටර් 250 ක සීමාවක් තබමින් ඉදිකළ යුතු බව වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින අතර එම සීමාව මීටර් සියයක් විය යුතු බව ගොවීන්ගේ ඉල්ලීම විය. මේ සම්බන්ධව සාකච්ඡාවේදී ගොවීන් එකඟ වන මීටර් සියයේ සීමාව සමඟ අවශ්‍ය තැන්වලින් මහවැලි රක්ෂිතයෙන් ඉතිරි ඉඩ ප්‍රමාණය ලබාදීමට මහවැලි අධිකාරිය එකඟ වූ අතර ඔය පිටාර ගැලීමේ අවස්ථාවන්හිදී අලිවැට ආරක්ෂා කරගැනීම, අලිමංකඩ සඳහා ඉඩතැබීම, මේ වන විට ගම්වැදී සිටින වන අලින් පලවා හැරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එම්.ටී.බී.හාතියල්දෙනිය,  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නේවාසික ව්‍යාපාර කළමනාකරු කේ.ඒ.සී.විමල් කුමාර, වනජීවී අඩවි ආරක්ෂක කේ.ඒ.චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ නිලධාරීහු සහ ගොවි සංවිධාන නියෝජිතයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (0)

මහවැලි සී කලාපයට කිලෝමීටර් 21.5 ක අලිවැටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site