(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලිගොඩ දැමීමෙහි නියුතු, භූ විද්‍යා හා පතල් කාර්යංශයට අනුබද්ධ සමාගමක කාර්යාලයක් අද(19) අලුයම ඇති වූ ගින්නකින් විනාශ වි ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
මේ හේතුවෙන් කාර්යාලයේ වූ පරිගණක, ලිපි ගොනු, පොත්පත් සියල්ල විනාශ වී ඇත.
මෙය ඉබේ ඇතිවූ ගින්නක්ද නැතහොත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න සෙවීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය පැවැසීය.
පොළොන්නරුව මහනගර සභාවේ ගිනිනිවීම් ඒකකය සහ පොල’සිය එක්ව ගින්න නිවාදමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd