(චමිල් රූපසිංහ)
මහනුවර යටිනුවර වීදියේ පිහිටි මහල් යහකින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පිහිටි නිවසක ඊයේ (08) ඇතිවූ ගින්නෙන් තුවාල ලැබූ රාමරාජ් මහතා සහ ඔහුගේ බිරිඳ අද (09) මහනුවර මහ රෝහලේදී ශල්‍ය කර්මයකට ලක් කළ බව මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිස්සංක විජේවර්ධන මහතා පැවැසීය.
රාම්රාජ් මහතාගේ අතේ විදුරු කටු ඇනි ඇති බවත් ඔහුගේ බිරිඳ ගේ දණහිසේ ආබාධයක් ඇතිවී ඇති බවත් මහනුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු සැබෑ වීරයෙක්.
ඔබ දෙපලටම ඉක්මන් සුවය ලැබේවා.