(මොහොමඩ් ආසික්)
මහනුවර - දොඩම්වල මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් දොඩම්වල මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබිණ.
මහ වැසි හේතුවෙන් මෙම ගස වැටීම නිසා දුරකථන කණුවලට සහ රැහැන්වලට දැඩි හානි සිදුව තිබිණ.
මහනුවර මහ නගර සභාවේ සහ අනෙකුත් ආයතනවල මැදිහත් වීමෙන් එම ගස කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආපදාවන් සිදුවිය හැකි බැවින් අවදානයෙන් සිටින ලෙසත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.