(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව, අඩිප්පල ප‍්‍රදේශයේ කැලයක අතරමංව සිටි මුව පැටවකු අද(25) බේරාගත් බව ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයකු වන කැලූම් නිශාන්ත මහතා පවසයි.
අඩිප්පල ප‍්‍රදේශයේ තම බිරිඳගේ නිවස පිටුපස කැලයේ මෙම මුව පැටවා වැටී සිටි බවත්, මුවපැටවාගේ මව කවරුන් හෝ මරාදමා ඇතිබවට සැකකරන බවත් ඔහු පවසයි.
පසුගිය දින කීපයකදීම එම ප‍්‍රදේශයේ මුවන් මරාදැමූ බවට තොරතුරු අනාවරණය වූ අතර එම සැකකරුවන් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබිණි.
මුවපැටවා ආනවිලූන්දාව වනජීවි කාර්යාලයට භාරදීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් අහන්න ලැබුනා, පුවතක්. අසරණ වූ මුවපොව්වා ගේ ජීවිතය රැකදුන් ඔබට ගොඩාක් පින් කුසලය හිමිවේවා!! ඔබතුමා, නිදුක්වෙවා, නීරෝගිසම්පත් ලබා , බොහෝකාලයක් සුවසම්පත් ඇතිව ජීවත්වෙවායි මම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි