(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ දඹේතැන්න වතුයායට මායිමේ මාවුස්සාගොල්ල කඳු රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (13) දෙවන දිනටත් ව්‍යාප්තව පවතින බවත් ලිප්ටන් සීට් (ලිප්ටන් අසපුව) සංචාරක නැරඹුම් වේදිකාව දෙසට මේ වනවිට පැතිරෙමින් පවතින බවත් හපුතලේ පොලිසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් මාවුස්සාගොල්ල රක්ෂිත ප්‍රදේශයේ අක්කර 20 ක් පමණ ප්‍රදේශයක් විනාශ වී තිබේ.
වියළි කාළගුණය හා සුළං සමඟ ගින්න තව දුරටත් වේගවත්ව පැතිරෙමින් පවතින බවත් අධික බෑවුම නිසා නිවීමට ළඟාවීම අපහසු බවත් දඹේතැන්න වතු සමාගම් කියයි.
ලිප්ටන් සීට් නැරඹීමට පැමිණි සංචාරකයින්ට ද මෙම ගිනි ගැනී ගැනීමෙන් ඈත නැරඹීමට මහත් බාධා ඇතිවී ඇති බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd