IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මුවගල රක්ෂිතයේ ඉදිකිරීම් නවතී


(මහේෂ් කිර්තිරත්න) 
 
මාතලේ මුවගල කන්දේ ජල මුලාශ්‍රයට සහ රක්ෂිතයට හානි වන අන්දමින් ඉදිකෙරෙන හෝටලයේ ඉදිකිරීම් වහාම අත්හිටුවීමට මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා නියෝග කර තිබේ.
 
මෙම ඉදිකිරීම් නිසා ප්‍රදේශයේ කුඹුරු ඉඩම්වලට ජලය නොමැති වීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හෙනේදෙණිය මහතා විසින් පෙන්වා දී ඇති අතර මේ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුවත් කර ඇතැයි පෙරේරා මහතා කීවේය.
 
රක්ෂිතය ආසන්නයේ නොසිදෙන ජල උල්පත්ද තිබූ බවද මේ අනවසර ඉදිකිරීම් නිසා අවට පවුල් 100ක පමණ ජලය සපයා ගැනීමද ගැටලුවක් ව ඇති බවද සභාපතිවරයා පැවසීය.
 
රක්ෂිතයේ මෙන්ම අනෙකුත් ඉදිකිරීම් සඳහා ද කිසිදු රාජ්‍ය ආයතනයකින් නිසි අවසරයක් නොගෙන ඇති බවත් ද අනාවරණය වී තිබේ.
 
මෙම ස්ථානය නිරීක්ෂණය කළ මාතලේ මහ දිසාපති ඇතුලු රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳව සොයා බලා සම්පූර්ණ වාර්තාවක් කැඳවූ අතර මෙම ඉඩම් වහාම ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයට පවරා ගැනීමට කටයුතු කරන ලෙස දිසාපතිවරයා මාතලේ සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

මුවගල රක්ෂිතයේ ඉදිකිරීම් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site