රොමේෂ් මධුෂංඛ
මුලතිව් නයාර වාඩිවලට ගිනි තියයි වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක් විනාශයි සෙම්මලෙයි ධීවර වාඩි කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇති බවත් ඉන් ධීවර වාඩි 8 ක් හා ධීවර බෝට්ටු දෙකක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවට මුලතිව් ධීවරයෝ කියති.
ඊයේ (13) රාත්‍රියේ තම වාඩි වෙතට ඇතුල් වූ පිරිසක් මෙසේ වාඩි වෙතට ගිනිතබා පලා ගොස් ඇති බවටත් මුලතිව් මුහුදේ තහනම් ධීවර කටයුතු නවතන ලෙසට සිදු කරන ලද විරෝධතාව හේතුවෙන් තහනම් ධීවර කටයුතුවල නිරත වූවන් මෙවැන්නක් සිදු කරන්නට ඇති බවට සැකකරන්නේ යැයි ධීවර වාඩියේ ධීවරයින් මුලතිව් පොලීසියට පවසා ඇත.
ධීවර වාඩියේ ගින්න ඇතිවූ අවස්ථාවේදීම අනෙක් ධීවරයින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතරම ගින්න නිවා නොදැම්මෙ නම් මුළු වාඩියම ගින්නෙන් විනාශ වී යාමට ඉඩ තිබූ බවට එම ධීවරයෝ කියති.
කෙසේ වෙතත් මේ වන තුරුත් ගිනි තැබූ පුද්ගලයින් කව්රුන්ද යන්න හඳුනාගෙන නොමැති අතරම මුලතිව් පොලීසිය විසින් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ගින්න හේතුවෙන් ධීවර වාඩි හා බොට්ටු වලට අමතරව ධීවර වාඩියේ තිබූ මසුන් අල්ලන දැල් ආම්පන්න ඇතුළු ධීවර ආම්පන්න විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වාඩියේ ධීවර බොට්ටු 40 ක් පමණ යොදා ධීවර කටයුතුවල නිරතවන හෙයින් සිදුව ඇති විනාශයට වන්දියක් ලබාදෙන ලෙසද සෙම්මලෙයි ධීවරයෝ කියා සිටිති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.