කාංචන කුමාර ආරියදාස
මොරගහකන්ද ජලාශයට ඉඩම් දේෙපාළ ලබාදුන් වෙනත් ප්‍රදේශවල පදිංචි කළ ජනතාවට මෙතෙක් සාධාරණය ඉටු කර නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියයි
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ මොරගහකන්ද ජලාශයට යටවුණු භූමියක ප්‍රදේශවාසීන්ද එක්කරගනිමිනි. මොරගහකන්ද ජලාශයට යට වන ගම්මානයක සිට මෙම මාධ්‍ය හමුව පැවැත්වීම විශේෂත්වයකි.



මෙහිදී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මොරගහකන්ද ජලාශයට ඉඩම් අහිමි වූවන් සඳහා රජය පොරොන්දු වූ වන්දි සහ සහන මෙතෙක් නිසියාකාරව ලබා ෙනාදීෙමන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි. එමෙන්ම හෙට (06) දිනයේ මේ පිළිබඳව මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව ද එසේ නොවන්නේ නම් එම ජනතාවගේ පොරොන්දු ඉටු කර දෙන තුරු ව්‍විධ ක්‍රියාමාර්ග වලට යොමු වෙන බවද සඳහන් කළේය.
නැවත පදිංචි කල ජනතාවට ජීවත්වීමට අවැසි පරිසරය නිර්මාණය වී නැති බවද ඔහු කීවේය . පසුගියදා මොරගහකන්ද කළු ගඟ ජලාශයේ ජලය රැදවුම් කිරීමේ අවස්ථාවට එක්වූ රාජ්‍ය නිලධාරීන් කිසිදු අයෙකු මෙම ජලාශ ඉදිකිරීම සඳහා තම ඉඩකඩම් දේපල වතුපිටි ජීවිතය ලබාදුන් ජනතාවට කිසිදු ස්තූතියත් නොකර සිටීම පිළිබඳව ජනතාව කනස්සල්ලෙන් සිටින බව ද ඔහු සඳහන් කෙළ්ය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරගහකන්දෙන් ඉඩම් අහිමිවූවන්ට සාධාරණයක් නෑ - නාමල් කරුණාරත්න