IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මයෝන් මුස්තාපා ගෝඨාභයට එක්වෙයි

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)

ඉදිරි ජනාධිපතිවරණයේදි තමන්ගේ සහය පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව ප්‍රබල එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මයොන් මුස්තාපා මහතා පැවසීය.

සයින්දමරුදු පැරඩයිස් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මයොන් මුස්තාපා මහතා “අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයෙන් මාව අයින් කරලා දාලා තියෙනවා වගේ තමයි කටයුතු කරන්නේ... මට ප්‍රශ්නයක් වෙලා වසර 02 ක් පමණ මම විදේශ ගතවෙලා ඉඳන් ලංකාවට ආවා. ඒ ඇවිත් මම අවස්ථා 3කදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවන්න උත්සාහ කළා. නමුත් මට අවස්ථාවක් දුන්නේ නැහැ. මම ඇමතිවරු තුන්දෙනෙක් මාර්ගයෙන් උත්සාහ කළා. නමුත් මට අවස්ථාවක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ නැහැ.

අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් කොංග්‍රසයට පාවාදීලි තියෙනවා. මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මහතා රවුෆ් හකීම් මහතා සමග නිදි. ඒ අයගේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වට කරගෙන බුදි. එයා එක්සත් ජාතික පක්ෂය ගැන කිසිම උනන්දුවක් නැහැ. හැබැයි මම එයාට ගරු කරනවා. එයාට විතරක් මේ රට හදන්න පුලුවන් කියන මතයේ මම ඉන්නවා. ඒ වුණාට මිනිස්සු දැන් මෙයාට බැහැ කියලා... බැහැ කියලා... දැන් මෙයාට බැරි තත්වයට ඇවිත් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයාට කැමැති නැහැ.

මගේ මතයේ හැටියට රටේ සිංහල ජනතාව කව්ද ජනාධිපති කියලා ඉවරයි. රටේ ආර්ථිකය ගොඩක් කඩා වැටිලා තියෙන්නේ. ඒ වගේම මුස්ලිම් අයට විරුද්ධව රට පුරා හැමැතැනම ප්‍රශ්න වුණා. මේ ආණ්ඩුවට ඒක පාලනය  කරන්න බැරිවුණා. ආරක්ෂක මණ්ඩලයට සියලුම තොරතුරු ඔක්කොම ලැබිලා තියෙනවා.ඒ තොරතුරු ලැබිලත් ඒ අය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒක නිසා ඒ අයට පාලනය කරන්න බැරි තත්වයක් තියෙන්නේ..  නායකයන් දෙන්නෙකුට මේ ආණ්ඩුව කරන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා එක පැත්තක රනිල් වික්‍රමසිංහ මහතා එක පැත්තක.. ඒ නිසා මිනිස්සුන්ට එපාවෙලා තියෙනවා.

 

අපේ මිනිස්සු ඡන්දය දුන්නේ කෝලාහල නැති කරලා සාමයෙන් ජීවත් වෙන්නයි. නමුත් මේ ආණ්ඩුවට ඒක කරන්න බැරිවුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ නැහැ කියන්න බැහැ. මොකද 2015 වෙනකන් ඒ අය හිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමග. එහෙම  ඉඳලා ඒ අයගෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා ඒ දෙන්නාම ඒ පස්සේ අය මිනිස්සු තල්ලු කරා අනිත් පැත්තට. දැන් ඇවිල්ලා රවුෆ් හකීම්ලට කියන්න බැහැ ගෝඨභය රාජපක්ෂ මහතා හොඳ නැහැ කියලා.

අපි ඔක්කෝම සජිත් ප්‍රේමදාස ප්‍රේමදාස මහතා ඡන්දය දුන්නොත් ඒක අපිට හොඳ නැහැ. ඒක නිසා අපි කියන්නේ මුස්ලිම් කොංග්‍රස් ඔහොම ඉන්න මේ පැත්තට එන්න එපා... රනිල් ළඟම ඉන්න රිෂාඩ් බදුර්දීන් එන්න එපා. ඔතන ඉන්න ඒ අය අපේ මුස්ලිම් නාමයට හරිම කැතැයි. හැමදාම ආණ්ඩු පිහිටුවන කොට ඒ අය පැත්ත මාරු කරනවා. ඔය දෙන්නම එතැන ඉන්න අපි මුල්වෙලා ඉතිරි මුස්ලිම් ජනතාව අරගෙන ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දීලා එයාගේ ජයග්‍රහණය අපි ස්ථිර කරනවා. අපේ ජනතාවට ගැටලු තියෙනවා.දෙමළ ජනතාවට ගැටළු තියෙනවා. ඒක විසදන්න මේ අයට බැහැ. මුස්ලිම් කොංග්‍රසයට බැහැ. ඒ අය, මේ අය අවුස්සනවා. ගම්මාන වෙන් කරන්න තමයි ඒ අය හදන්නේ ඒ වගේම දෙමළ අයගේ ප්‍රශ්ණය විසඳන්න ඒ අය කැමැති නැහැ. ඒ අය මේ අය අවුස්සනවා. ඒක නිසා මේ පළාතේ සංවර්ධන වැඩ නතරවෙලා තියෙනවා.

මේ පළාත සංවර්ධනය කරන්න මගේ  ළඟ හොඳ වැඩ පිලිවෙලක් තියෙනවා. ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වී වැඩ කරන්න මම කටයුතු කරනවා..“ යැයි මයෝන් මුස්තාපා මහතා පැවසීය.



අදහස් (0)

මයෝන් මුස්තාපා ගෝඨාභයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site