(ක.ග කරුණාරත්න)
දියබෙදුම, ඉහකුළුවැව සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව භීතියට පත් කරමින් සැරිසැරූ තනි අලියා දින 13 ක මෙහෙයුමකින් පසුව අද (19) දහවල් අල්ලාගත් බව වනජීවී නිලධාරීහු කියති.
පසුගියදා මේ පිළිබඳව සොයා බැලීම සඳහා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැමිණි අවස්ථාවේදී එම ගම්මානයේ මිනිස් ජීවිත 08 ක් බිලිගත් තනි අලියෙකු සිටින බව ගම්වාසීහු ඇමැතිවරයාට සැලකර තිබූ හෙයින් එම තනි අලියා ඇල්ලීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.
මෙම සද්ධන්තයා ගේ උස අඩි 8 1/2 ක් පමණද, වයස අවුරුදු 35 ක් පමණ වන බවද වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම බාරව වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් වන සමීර කලිඟුආරච්චි, චන්දන ජයසිංහ, තාරක ප්‍රසාද් යන මහත්වරු කටයුතු කළහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මිනිස් ජීවිත බිලිගත් ‘තනි අලියා‘ අල්ලයි
naradha Saturday, 19 May 2018 12:52 PM
මිනිස් ජීවිත 08 ක් බිලි ගන්නකම් මොනවද කලේ? එක මිනිසෙකු මරා දැමු පමණින්, මෙවැනි අලින් අල්වා ගත නොහැකි නම්, අලියාට වෙඩි තැබීමට අවසර දිය යුතුයි.