රොමේෂ් මධුෂංඛ
මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පරප්පණ්කණ්ඩාල් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරම් සිට මැදවච්චිය දෙසට පැමිණි යතුරුපැදිය මන්නාරම් දෙසට අධික වේගයෙන් ගමන්ගත් කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පැවසීය.
අනතුරින් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් වූ 40 හැවිරිදි එස්.ලින්ඩා සහ 25 හැවිරිදි එස්. ටෙරන්සි නැමති අය වන අතර මළසිරුරු මේ වන විට මන්නාරම් රෝහලේ තැන්පත් කර ඇත.
අනතුරින් පසුව කැබ්රථයේ රියදුරු මුරුන්ගන් පොලීසියට බාර වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මුරුන්ගන් පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.