IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මන්නාරම් ධීවරයින්ට යළි මුහුදු යන්න අවසර

(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ තෝට්ටවේලී ජොෂප්වාස් නගර් හා කට්ඩුවාන් ප්‍රදේශවල  ධීවරයින්ට මසුන් මැරීම සඳහා  මුහුදු යාමට පනවා තිබූ අධිකරණ නියෝගය මන්නාරම මහේස්ත්‍රාත් ඒ,එම්.ඇලෙක්ස් රාජා මහතා විසින් ඉවත් කර  තිබේ.
 
තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීමේ චෝදනාව මත මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් මන්නාරම මහෙස්ත්‍රාත්  අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව එම ධීවර තොටුපලවලින් මුහුදු ගිය ධීවරයින් 23 දෙනෙකුගේ මුහුදු යාමේ කටයුතු අධිකරණය මඟින් තාවකාලිකව අත්හිටුවා තිබුණි.
 
නිසි දැල් ආම්පන්න මිලට ගැනීමත් ධීවර නීතිරීති උල්ලංඝණය නොකොට මසුන් මැරීමේ කටයුතු වල නිරතවන බවටත් මෙම ධීවරයින් විසින් අධිකරණයට පොරොන්දුවීමෙන් පසුව ඔවුන්ට එරෙහිව තිබූ අධිකරණ නියෝගය අත්හිටුවා තිබේ.
 
අධිකරණ නියෝගය ක්‍රියාත්මක  වූ මුළු කාලය පුරාම එම ධීවරයින්ගේ ධීවර යාත්‍රා එම ධීවර තොටුපලවල් අසල නතර කොට තිබුණි.



අදහස් (0)

මන්නාරම් ධීවරයින්ට යළි මුහුදු යන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site