IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා සිහිකර උත්සවයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කතුවරයකු වන අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා මහතා සිහිපත් කරමින් විශේෂ උත්සවයක් කොළඹ හැව්ලොක් සිටිහි ක්ලබ් හවුස්හිදී අද (12) පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති මොහොම්මද් හම්දල්ලා සයිද්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර, හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන මහින්ද හත්තක සහ ඉසඩීන් අමීන් යන මහත්වරු මෙහිදි අදහස් දැක්වූහ. 

මෙම උත්සවයේදී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති මොහොම්මද් හම්දල්ලා සයිද් මහතා ජයතිලක ද සිල්වා මහතාගේ බිරිඳ සුනිලා ද සිල්වා මහත්මිය සමරු තිළිණයක් සහ පලස්තීන ජාතික අරගලය සංකේතවත් කෙරෙන සළුව එම මහත්මියට පැළැඳවීමට කටයුතු කළේය. 

මෙහිදි ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව, පලස්තීන සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා සංවිධානය සහ ගෝලීය සාධාරණය උදෙසා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සංවිධානය යන සංවිධාන වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන එම්.එන්. අමීන් සහ දයා ලංකාපුර යන මහත්වරු ජයතිලක ද සිල්වා මහතාගේ බිරිඳට සහ එම පවුලට සමරු තිළිණයක් පිළිගැන්වූහ. 

පලස්තීන සහයෝගීතාව සඳහා වූ ශ්‍රී ලංකා සංවිධානය සහ ගෝලීය සාධාරණය උදෙසා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් සංවිධානය එක්ව එම උත්සවය සංවිධානය කර තිබිණි. 

ගෝලීය සහ සමාජ සාධාරණත්වය සහ පලස්තීන ජනතාවගේ නිදහස උදෙසා ජයතිලක ද සිල්වා මහතා කළ කැපවීම සිහිපත් කරමින් මෙම උත්සවය පැවැත්විණි.

ඡායාරූප ගයාන් අමරසේකර

 

 



අදහස් (1)

මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා සිහිකර උත්සවයක්

කෝලිත ගොපල්ලව Thursday, 14 March 2019 04:05 AM

ජයතිලක ද සිල්වාව මම පුද්ගලිකවම දැන සිටියා. හොඳ මහත්තයෙක් කියා කියන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site