(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද ( 19 ) සිට තව දුරටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ග කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 19 වනදා පෙරවරු 10.30ට නිකුත් කර ඇති එම නිවේදනයට අනුව මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , ගඟවට කෝරළය, ගලගෙදර(තුම්පනේ) සහ පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස , නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මේ අතර අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.
2025 නොවැම්බර් මස 21
307
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
337
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1270
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ කොට්ඨාස 7කට තවදුරටත් නායයෑමේ අවදානම්