(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත තුල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට තව දුරටත් නායයෑමේ අවදානම් නිවේදනය හෙට (24) පස්වරු 2.30 දක්වා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කරනු ලැබ තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද( 23) සවස නිකුත් කර ඇති එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස පූර්වයෙන් හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මධ්‍යම ප්‍රා.ලේ කොට්ඨාස දෙකකට නායයෑම් අවදානම් නිවේදන දිගු කරයි