(දයාරත්න ඇඹෝගම)
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් උප කොන්ත්‍රාත්කරුවෙකු එම වැඩපලේ අඩි 40 ක් පමණ උස ගසක් මත නැග අද (12) සිට උපවාසයක නිරතව සිටි.
මෙසේ උද්ඝෝෂණයේ නිරතව ඇත්තේ ගලෙන්බිඳුණුවැව උපුල්දේණිය පදිංචි වයස අවුරුදු 48 පමන වන දෙදරු පියෙකි.
ගලෙන්බිඳුනුවැව සෝමියෙල් පෙදෙසේ පරණ යකල්ල ආයුර්වේදය තිබඅූ ස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිවෙන ගොඩනැගිලි මේවන විට සාදා අවසන් අදියරට පත්ව තිබුණද මෙම උප කොන්ත්‍රාත්කරුට ප්‍රධාන කොන්ත්‍රාත් ආයතනයෙන් ලැබිය යුතු මුදල් මෙතෙක් ලබා නොදීම මෙම උපවාසයට හේතුවි තිබේ.
මෙම උපවාසකරු මීට දින දෙකකට (10) දිනද උදෑසන මෙම ගස මතට නැග තම ඉල්ලීම් ඉල්ලා සිටි අතර එහිදී ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් මැදිහත්ව අදාළ අයතනය සමග සාකච්ඡා කර එදින මුදල් ලබා දෙන බවට පොරොන්දු වී ගසෙන් බස්සවා ඇති අතර අද වන විටත් එම පොරොන්දුව ඉටු නොවූ බව පවසා අද (12) උදෑසන 8.00 පමණ ඔහු නැවත එම ගස මතට නැග උපවාසයක් අරඹා තිබේ.
ගලෙන්බිඳුනුවැව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ උපවාසකරන පුද්ගලයා ගසින් බැස්සවීමට උත්සහයක් කළද තම මුදල් ලැබෙන තුරු ගසින් නොබසින බව පවසා තවමත් ඔහු එම ගස මත නැග උපවාසයේ නිරතව සිටියි.


2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
495
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් නොදුන්නැයි උප කොන්ත්‍රාත්කරු ගහක නැගලා