(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාතර-හක්මන ප්‍රධාන මාර්ගයේ දුම්රියපොළ පාරට හැරෙන හන්දියේ සිට ගබඩාවීදිය දක්වා වු කොටස සෙනසුරාදා (11) රාත්‍රී 8.00 සිට ඉරිදා (12) උදෑසන 8.00 දක්වා පැය 12 ක කාලයක් වසා තබන බව එම දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සුරක්ෂිතතා කළමණාකරු තුෂාර ගුණරත්න මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරිය, මාතර මහනගර සභාව හා මාතර මූලස්ථාන පොලීසියේ අවසරය මත එම තීරණය ගෙන තිබෙන අතර මාතර හක්මන පාර ඔස්සේ ධාවනය වන වාහන වලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක් කෙරේ.
කෙසේ වෙතත් මේ නිසා රථ වාහන රියදුරන්ට හා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළකරන බව ගුණරත්න මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd