(නිශාන්ත කුමාර)
ගංජා හා අබිං මිශ්‍ර මත් ගුලි විශේෂයක් රැගෙන බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් සිව්දෙනෙකුට ඇප නියම කළ මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා ඔවුන්ව යළි අගොස්තු 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත්කරන ලෙස නියෝග කළේය.
මොනරාගල ප්‍රදේශයේ අවුරුදු 22-28 වයස්වල පසුවන තරුණයින් සිව්දෙනෙකුට මෙලෙස ඇප නියම විය.
මොනරාගල සිට මහියංගණය බලා ගමන් ගනිමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති රොෂාන් එස් බන්දුලසේන මහතාගේ උපදෙස් මත මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීහු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd