IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෝටර් රථයක සඟවා තිබූ ගිනි අවියක් සොයාගනී


(කේ. බුද්ධික කුමාරසිරි)
 
පාදුක්ක මලගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක සඟවා තිබූ බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් ද, උණ්ඩ තුනක් ද සමඟ සැකකරුවෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුර පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක මලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගොවිතැන් හා සත්ව පාලන කටයුතුවල නිරතව සිටි බව කියන 48 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ගිය අවස්ථාවේදී නිවස වසා තිබී ඇති අතර, ඒ ඉදිරිපිට නවතා තිබූ මෙම මෝටර් රථය පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම හැකිවී තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවිය සහ උණ්ඩ සමඟ පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත. සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මෝටර් රථයක සඟවා තිබූ ගිනි අවියක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site