(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර සමූපකාර තොග වෙළඳ සංස්ථාව ආසන්නයේදී අද(14) මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශයට පත්වූ බව අනුරාධපුර පොලිසිය පැවසීය.
විනාශයට පත්වූ මෝටර් රථය විලච්චිය පාරේ බාලදක්ෂ මාවතේ පදිංචිකරුවෙකුට අයත් එකෙකි.
මෙම මෝටර් රථයේ ගමන්ගත් හිමිවරු දෙනමක් හා රියදුරා ගින්න හටගන්නවාත් සමඟ මෝටර් රථයෙන් ඉවත්වීම හේතුවෙන් ඔවුනට කිසිදු අනතුරක් සිදු නොවූ බව පොලිසිය කියයි.
අනුරාධපුර සිට විලච්චියට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය ගිනි ගෙන තිබිණි. අනුරාධපුර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පොලිසිය මැදිහත්වී ගින්න නිවා දමන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd