
(ටෝනි කරුණානායක)
කොටදෙනියාව ප්‍රදේශයෙන් ගලා බස්නා මා ඔයේ ඉවුරු සෝදා යන අයුරින් වැලි ගොඩ දැමීමට සම්බන්ධ පුද්ගලයෙකු කොටදෙනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට රුපියල් 50,000 ක දඩයක් මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (21) නියම කළේය.
බඩල්ගම ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි අපෝන්සු පෙරේරා නැමැති අයෙකුට මෙසේ දඩ නියම කෙරුණි.
විත්තිකරු වැලි ගොඩ දැමීමට උපයෝගී කර ගෙන තිබූ සවලක් සහ පනිට්ටුවක් කොටදෙනියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. එම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසට නියම කළ අධිකරණය පරිසරයට හානි වන අයුරින් ඉදිරියේදිත් කටයුතු කළහොත් දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට අවවාද කළේය.
බලපත්‍රයක් නොමැතිව පරිසරයට හානි වන අන්දමින් කොටදෙනියාව සහ බඩල්ගම හරහා ගලා බස්නා මා
ඔයේ ඉවුරු සෝදා යන අයුරින් වැලි ගොඩ දමන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණෙයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ අධිකරණයෙන්කොටදෙනියාව පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.