සුමතිපාල දීයගහගේ
අහංගම කතලුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට විදුලිය ලබා ගැනීම සඳහා පොළව යටින් ඇද තිබු රුපියල් ලක්ෂ දෙකක් වටිනා භූගත තඹ විදුලි රැහැන් මීටර් දෙසියක් කපා සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් එම හෝටලයේම සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
හෝටලයේ සිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් දක්වා පොළව යටින් මෙම විදුලි රැහැන් ඇද කලකට පෙර හෝටලයට විදුලිය ලබා ගෙන ඇත. එහෙත් පසුව නව විදුලි රැහැන් මාර්ගයකින් හෝටලයට විදුලිය ලබා ගැනීමෙන් පසුව මෙම භූගත විදුලි රැහැන් මාර්ගය අතහැර දමා තිබු නිසා එම විදුලි රැහැන් වැඩකට නැතැයි සිතා විදුලි රැහැන් කපා ගත් බව සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරිමේදී පොලිසියට පවසා ඇත.
සොරකම් කරන ලද විදුලි රැහැන් තොගය පරණ යකඩ වෙළඳසැලකට විකුණා මොවුන් දෙදෙනා මුදල් ලබාගෙන ඇති බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
32
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භුගත විදුලි රැහැන් කැපු දෙදෙනෙක් අත්අඩංගුවට