(රංජිත් රාජපක්‍ෂ)
නොර්වුඩ් කර්කස්වොල්ඩි එල්බොඩවත්ත පහළ කොටසේ එළවලූ කොටුවක තිබි බිළිඳු මළ සිරුරක් අද (28) සොයා ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.
අද උපන් බවට සැක කෙරෙන මෙම බිළිඳාගේ මළ සිරුරේ හිස නොමැති බවත් මෙම බිළිදු මළ සිරුර සුනඛයෙකු විසින් රැගෙන යන අයුරු දුටු වතුකම්කරුවන් ඒ පිළිබදව පොලිසියට දැනුම් දි ඇත.
එම දරුවාගේ මව සොයා ගැනිම සදහා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහයෝගය ලබා ගැනිමට කටයුතු කරන බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘතිය ඉතා ඛේදනීයයි. ඒ සමගම 2, 3 පින්තුර වල පෙනෙන පරිදි මේ අය ජීවත් වන නිවාස වල තත්වයත් සලකා බැලිය යුතුයි. අද රටේ මැති ඇමතිවරුන් තමන්ගේ නිවාස අලුත් වැඩියාව සඳහා කෝටි ගණන් මුදල් වෙන් කර ගනිද්දී, රටට විදේශ විනිම උපාය දෙන තේ කර්මාන්තයේ යෙදෙන මේ සේවකයන්ට හරි හැටි නිවසක්වත් ලබා දෙන්නේ නැත්තේ ඇයි?