IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බස් රියදුරාට පහර දුන් ‘හනුමා‘ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

( ජුඩ් සමන්ත)

වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරකුට පහර දී මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑ බව කියන “හනුමා” නමින් හඳුන්වන පුද්ගලයකු  ඇතුළු සිව්  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව  පොලීසිය කියයි.

පහර කෑමට ලක්ව ඇත්තේ නොච්චියාගම - කිනවැල්දෙණිය පදිංචිකරුවෙකි.  වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු මාර්ගය හරස් කර තමන් පදවමින්  සිටි බස් රථය නවත්වා පහර දුන් බව ඔහු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

තමන් අතර තිබූ රුපියල් 17,500 ක මුදලක් සහ ජංගම දුරකථනයක්ද පහර දීමට පැමිණි අය කොල්ලකෑ බවද පැමිණිළිකරු පොලීසිය හමුවේ පවසා ඇත. 

පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කොළඹ මාර්ගයේ  ධාවනය වන පුද්ගලික බස් රථ සේවකයින් පිරිසක් වන අතර ඔවුන් පැමිණි වෑන් රියද පොලිස්  බාරයට ගෙන ඇත.

දුර ගමන් සේවා බස් රථ වලින් අතර මගදී මගීන් පටවා ගැනීම සම්බන්ධයෙන්  අවස්ථා කීපයකදීම මීට පෙරද ගැටුම් හට ගෙන තිබුණි.

සැකකරවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

බස් රියදුරාට පහර දුන් ‘හනුමා‘ ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

rocky Sunday, 25 March 2018 05:28 AM

වලිගයට තෙල් පාන්කඩ ඔතා (වලිගයක් ඇතොත්) එයට ගිනි තබා දියවන්නා ගෙදර පැත්තට එලවා දමන්න!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 427 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 454 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site