(නිමල් ජයරත්න)
වාලච්චේන සිට වැලිකන්ද හරහා රිදීතැන්න දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක් අද (11) වඩමුනේ වැව් බැම්මෙන් පහළට පෙරලී ගොස් සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව වාලච්චේන පොලිසිය පවසයි.
එම බස් රථයේ ගමන් ගත් තවත් 11 දෙනෙකු සුළු තුවාල ලබා වැලිකන්ද රෝහලෙන් ප‍්‍රතිකාර ගෙන පිටව ගොස් තිබේ.
අනතුරට හේතුව බස් රථයේ සිදු වු කාර්මික දෝෂයක් බවත් අනතුර සිදුවන විට එම බස් රථයේ මගින් 28 දෙනෙකු ගමන් කර ඇති බවද සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සිදු පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd