IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බවුසරයක ගැටී පාපැදිය පැදවූ දරුවෙක් මරුට

(ඔගස්ටින් ප්‍රනාන්දු) 
      
හලාවත පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ දි පාපැදියක් පදිමින් සිටි නව හැවිරිදි වියේ දරුවකු බවුසරයකට යටවීමෙන් අනතුර සිදුවු ස්ථානයේ දීම ඊයේ ( 16) රාත්‍රියේ මිය ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ විසු දිල්ශාන් මධුසංඛ නමැති දරුවාය.
 
මෙම දරුවා හා තවත් දරුවෙකු පාපැදියකින් සිය නිවසේ සිට අසළ වු වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේ දි කන්කසන්තුරේ සිට සිමෙන්ති කුඩු ප්‍රවාහනය කළ බවුසර් රථයකට යටවී ඇති බව පොලිසිය කියයි.

මෘත ශරීරය මේ වන විට පුත්තලම මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ කටයුතු අද ( 17 ) සිදු කිරීමට නියමිතව ඇත. 

අනතුර කළ බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
 
මුන්දලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බවුසරයක ගැටී පාපැදිය පැදවූ දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site