(රංජිත් රාජපක්ෂ)
පතල් හා භූ විද්‍යා කාර්යංශයේ බලපත්‍රයක් නොමැතිව බිම හෙළා තිබූ විශාල ගල් කිහිපයක් පුපුරවා කුඩා කැබලි කිරීමට ගල් බෝර දැමූ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
එම ඉඩමේ අයිතිකරු විසින් අද (10) මීට ඉහත කඩා බිම හෙළන ලද විශාල ගල් කිහිපයක් කුඩා කැබලිවලට කැඩීම සඳහා ගල් බෝර දමා පුපුරවා හැර ඇත.
එම ගල් පුපුරවා හැරීමේදී ඇති වූ කම්පන කිහිපයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
බලපත්‍රයක් නොමැතිව ගල් පුපුරවා හැරීම, බලපත්‍රයක් නොමැතිව වෙඩි බෙහෙත් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අප ඉඩමේ අයිතිකරු සිවකුමාර්ගෙන් අප කළ විමසුමකට ඔහු පැවසුවේ තමන්ගේ අනුදැනුමකින් තොරව ඉඩමේ සේවය කළ කම්කරුවන් කිහිප දෙනෙකු විසින් බිම හෙළා තිබු ගල් කිහිපයක් කුඩා කැබලිවලට කැඩීම සඳහා ගල් බෝර කිහිපයක් දමා ඇති බවයි.



2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලපත් නොමැතිව ගල් බෝර දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට