(ඔගස්ටින් ප්‍රනාන්දු)
බලපත්‍රයක් නොමැතිව වැලි කැණීම් සිදුකළ අයෙක් බැකෝ යන්ත්‍රයක් සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි.
මාරාවිල මාවිල ප්‍රදේශයේ පොල් වත්තක බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වැලි කැණිම් සිදුකරන බවට මාරාවිල පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කාලයක සිට මෙම පොල් වත්තෙන් වැලි කපා ඉවත් කර අලෙවි කර ඇති බවත් මෙම වැලි කැණීම් හේතුවෙන් පොල් වත්ත පුරා විශාල පාරිසරික විනාශයක් සිදුවී ඇති බවත් අඩි 10 ක් පමණ ගැඹුරට වැලි ඉවත් කර ඇති බවත් පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ බැකෝ යන්ත්‍රය සදුදා (03) මාරාවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව බව පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.