(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරිනීතිය තිබියදී වදුරඹ ඉහළපිටිහරාව ගමකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බූරුවා පිටියක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්බව වදුරඹ පොලිසිය පවසයි.
මෙහි තිබි යතුරුපැදි 07ක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
බූරුවා පිටිය වටලන අවස්ථාවේ 40 ක පමණ පිරිසක් බූරුවා ගැසීමේ සුදු ක්‍රිඩාවේ නිරතව සිටි ඇති අතර අනික් පිරිස පැනගොස් ඇති බව පොලිසිය කීය.
කාන්තාවක් හා ඇයගේ බෑනා විසින් මෙම බූරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අට දෙනා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී මොවුන්ට නඩු පැවරීමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය.
COMMENTS
බුරු පොලේ බුරුවන් පමණක් සිටින බැවින් මොවුන් අල්ලා නිරෝධායන කටයුතු වල නිරතවී සිටින නිලධාරීන්ගේ සහයට ඍජුවම අනියුක්ත කිරීමෙන් රටට සුළුවෙන් හෝ ප්‍රයෝජනයක් ගත හැකිය. අනිත් වැදගත්ම කරුණ වන්නේ ඔවුන්ට මෙම වෛරසයෙන් කිසිදු හානියක් නොවෙන බැවින් ඒ පිළිබදවද බියවිය යුතු නැති බවයි.