(ඩී.ජී.සුගතගපාල)
තම බිරිඳගේ පළමු විවාහයේ දියණියට ලිංගික අතවර සිදු කළ බව කියන පුද්ගලයෙකු අද (28) සවස වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි.
වින්දිත දැරිය 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර මවත් දැරියත් සැකකාර බාප්පත් සාදාගෙන එන නිවසේ කාමරයක එකම ඇඳේ නිදා ගන්නා බවත් එසේ සිටිනවිට අවස්ථා කිහිපයකදීම ලිංගික අතවර කළ බවත් දැරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති අතර සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.